මාර්තු මස 02 දිනට යෙදෙන සිංහල භාෂා දිනය සැමරීම සඳහා වූ වැඩසටහනක් 2023 මාර්තු 02 දින කුරුණෑගල ගනේවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.  ගනේවත්ත කොට්ඨාසයේ පාසැල් ළමුන් අතර පවත්වනු ලබන භාෂා තරඟවලින් ජයග්‍රහණය කරන ලද 50 දෙනෙකුට වටිනා ත්‍යාග සහ සහතික පත්‍ර ලබාදීම, ගනේවත්ත කොට්ඨාසයේ පාසැල් 17 ක පුස්තකාල සඳහා රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන ඇතුළත් පොත් කට්ටල් ලබාදීම සහ භාෂාව පිළිබඳ වැදගත් දේශනවලින් යුත් වැඩසටහනක් පැවැත්වීම මෙහිදී සිදු කෙරේ.   රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව සහ ගනේවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබේ.