ශ්‍රී ලංකාවේ භාෂා සම්බන්ධයෙන් වන මුලික නීතිය 1978 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ IV වන පරිච්ජේදයෙහි දක්වා ඇත. එහි ඇති විධිවිධාන 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් (1987) සහ 16 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් (1988) සංශෝධනය වී තිබේ. තවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ III වන පරිච්ජේදයෙහි 12 (2) ව්‍යවස්ථාවේ භාෂා අයිතිය මූලික අයිතිවාසිකමක් ලෙස දක්වා ඇත.

සිංහල හා දෙමළ ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂාවන් වන අතර ඒවා ජාතික භාෂාවන් ද වේ. ඉංග්‍රීසි සන්ධාන භාෂාව වේ. රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව්‍යවස්ථාපිත ප්‍රතිපාදනවලට අමතරව භාෂා ප්‍රතිපත්තිය ක්‍රියායාත්මක කිරීම පිළිබඳ පරිපාලනමය ප්‍රතිපාදන සපයා තිබේ.