රාජ්‍ය නිලධාරීන්ගේ රාජ්‍ය භාෂා ප්‍රවීණතාව හා සම්බන්ධ විභාග පැවැත්වීම විභාග අංශයේ ප්‍රධාන කාර්යභාරය වන අතර රාජ්‍ය පරිපාලන හෝ අනෙකුත් රාජ්‍ය චක්‍රලේඛ හා ඒ ඒ ආයතන වෙතින් ලැබෙන ඉල්ලීම් අනුව මෙම ප්‍රවීණතා විභාග පවත්වනු ලැබේ.

  • ජාතික භාෂා සුදුසුකම් ඇගයීමේ පරීක්ෂණය (NLQ) පැවැත්වීම.
  • බාහිර ආයතන වලින් ලැබෙන ඉල්ලීම් අනුව භාෂා හෝ ඒ සම්බන්ධ විභාග පැවැත්වීම හෝ පහසුකම් සැපයීම.
  • තවද, මෙම විභාග සඳහා යොදා ගන්නා පරීක්ෂකවරුන්ගේ සංචිතයක් පවත්වා ගැනීම හා ඔවුන්ට නිසි පුහුණුවක් ලබා දීමද සිදු කෙරේ.
  • මේ හැර මෙතෙක් කල් මෙම දෙපාර්තමේන්තුව මඟින් පවත්වන ලද භාෂා ප්‍රවීණතා විභාග සම්පූර්ණ කළ විභාග අයදුම්කරුවන්ගේ ප්‍රතිඵල සම්බන්ධ පසු කටයුතු සියල්ල සිදු කරයි.
    • අනුපිටපත් ලබා ගැනීම ප්‍රතිඵල සටහන්වල නම් සංශෝධනය
    • ප්‍රතිඵල සනාථ කිරීම.
  • රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය සම්බන්ධ ගැටළු සඳහා පිළිතුරු ලබා දීම.

අනුපිටපත් ලබා ගැනීම සහ ප්‍රතිඵල සටහන්වල නම් සංශෝධනය කිරීමේ දී ක්‍රියා කළ යුතු ආකාරය

රාජ්‍ය භාෂා ප්‍රවීණතා විභාග සමත්වන්නන් වෙනුවෙන් රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද ප්‍රතිඵල සටහන්,ප්‍රතිඵල සටහන්ලාභීන් අතින් අස්ථාන ගත වුවහොත් ඔවුන්ගේ ඉල්ලීම පරිදි අනුපිටපතක් නිකුත් කරනු ලැබේ. තවද වෙබ් අඩවිය හරහා විභාගයට අයදුම් කරන අවස්ථාවල දී විභාග අපේක්ෂකයන් අතින් සිදුවන වැරදි හේතුවෙන් ප්‍රතිඵල සටහන්ලාභින්ගේ නම් සංශෝධනය කිරීමට සිදු වේ.එවැනි අවශ්‍යතා සහිත නිලධාරීන් පහත ක්‍රමවේදය අනුගමනය කරන මෙන් දන්වමි.

1. අනුපිටපත් ලබා ගැනීම

1.1 මෙම වෙබ් අඩවියේ බාගත කිරීම් යටතේ දක්වා ඇති ආකෘතිය මුද්‍රණය කර අදාළ තොරතුරු සම්පූර්ණ කළ යුතු ය.

1.2 අනුපිටපතක් ලබා ගැනීම සඳහා රු. 500.00 ක මුදලක් ගෙවිය යුතු අතර එම මුදල රාජ්‍ය භාෂා කොමසාරිස් ජනරාල් නමින් රාජගිරිය ලංකා බැංකුවේ 7041541 ගිණුමට බැර කළ යුතු ය. 1.3 මුදල් ගෙවීම් කිරීමේ දී අදාළ මුදල් තැන්පතු කුවිතාන්සියේ ගෙවීම් විස්තරයෙහි “R/S COPY” (Result Schedule copy) යන කෙටි යෙදුම සඳහන් කරමින් ගෙවීම් සිදු කර බැංකු රිසිට්පතක් ලබා ගත යුතු ය.

1.4 මුද්‍රණය කර සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍රයෙහි මුදල් ගෙවූ රිසිට්පත නොගැලවෙන සේ අමුණා ලියාපදිංචි තැපෑලෙන් පහත ලිපිනයට එවිය යුතු ය. (අයදුම් පත්‍රයෙහි හා මුදල් ගෙවූ රිසිට්පතෙහිඡායා පිටපතක් සහ ලිපිය ලියාපදිංචි කළ කුවිතාන්සිය සුරැකිව තබා ගන්නා මෙන් කාරුණිකව දන්වමි.)

2.නම් සංශෝධනය කිරීම

2.1 මෙම වෙබ් අඩවියේ පළ කර ඇති නම් සංශෝධනයට අදාළ ආකෘතිය මුද්‍රණය කර අදාළ තොරතුරු සම්පූර්ණ කළ යුතු ය.

2.2 ප්‍රතිඵල සටහනක නම සංශෝධනය සඳහා රු 500.00 ක මුදලක් අය කරනු ලබන අතර එම මුදල් රාජ්‍ය භාෂා කොමසාරිස් ජනරාල් නමින් රාජගිරිය ලංකා බැංකුවේ 7041541 ගිණුමට බැර කළ යුතු ය.

2.3 මුදල් ගෙවීම් කිරීමේ දී අදාළ මුදල් තැන්පතු කුවිතාන්සියේ ගෙවීම් විස්තරයෙහි “R/S COPY” (Result Schedule copy) යන කෙටි යෙදුම සඳහන් කරමින් ගෙවීම් සිදු කර බැංකු රිසිට්පතක් ලබා ගත යුතු ය.

2.4 සම්පූර්ණ කරන අයදුම්පත හා මුදල් ගෙවීමේ රිසිට්පත සමඟ ඔබ වෙත නිකුත් කර ඇති ප්‍රතිඵල සටහන (මුල් පිටපත) හා නම් සංශෝධනය කිරීම් සම්බන්ධයෙන් අවශ්‍ය පහත සඳහන් ලේඛන සමඟ දෙපාර්තමේන්තුව වෙත එවිය යුතු ය.

  • 2.4.1 ජාතික හැදුනුම්පතෙහි සහතික කරන ලද ඡායා පිටපතක් ආයතන ප්‍රධානියා විසින් සහතික කර එවිය යුතු ය.
  • 2.4.2 නමෙහි වෙනස සම්බන්ධයෙන් ලබා ගන්නා ලද දිවුරුම්
  • 2.4.3 ආයතන ප්‍රධානියා විසින් සහතික කරන ලද කාර්යාලීය හැදුනුම්පතෙහි ඡායා පිටපතක්.

2.5 ඉහත සියලු ඇමුණුම් නොගැලවෙන පරිදි අමුණා පහත ලිපිනයට එවිය යුතු ය.

(ප්‍රතිඵල සටහන හා මුදල් ගෙවූ රිසිට්පතෙහි ඡායා පිටපතක් සහ ලිපිය ලියාපදිංචි කළ කුවිතාන්සිය සුරැකිව තබා ගන්නා මෙන් කාරුණිකව දන්වමි.) .)

 

ExamImage