Warning: strpos() [function.strpos]: Empty delimiter in /home/langpoor/public_html/components/com_joomlastats/joomlastats.inc.php on line 743

Warning: strpos() [function.strpos]: Empty delimiter in /home/langpoor/public_html/components/com_joomlastats/joomlastats.inc.php on line 864
You are here: Home පුවත් හා සිදුවීම් භාෂා ප්‍රවීණතා ලිඛිත විභාගය - 2010

Department of Official Languages

  
Englishதமிழ்

භාෂා ප්‍රවීණතා ලිඛිත විභාගය - 2010

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

රාජ්‍ය භාෂා ප්‍රවීණතා ලිඛිත විභාගය - 2010 සිංහල/දෙමළ (III වන මට්ටම)ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව / රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව 

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 3/2007 හා 7/2007 අනුව රාජ්‍ය භාෂා ප්‍රවීණතා ලබාදීම සඳහා රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විසින් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරනු ලබන භාෂා පුහුණු වැඩසටහන්වලට අදාළව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව හා රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව මගින් පැවැත්වීමට නියමිත පහත සඳහන් ලිඛිත විභාග සඳහා රාජ්‍ය සේවයේ හා පළාත් රාජ්‍ය සේවයේ නියුතු රාජ්‍ය ‍සේවකයින්ගෙන් ඉල්ලුම් පත් මෙයින් කැඳවනු ලැබේ.    
විභාගයභාෂාවමට්ටම
රාජ්‍ය භාෂා ප්‍රවීණතා ලිඛිත විභාගයසිංහල / දෙමළIII වන මට්ටම (ප්‍රාරම්භක කුසලතා මට්ටම)

  මෙම ලිඛිත විභාගය 2010 නොවැම්බර් මාසයේදී පවත්වනු ලැබේ.

 02.              මෙම ලිඛිත විභාගවලට අදාළ විෂය නිර්දේශ, විභාග පටිපාටිය, ආදර්ශ ප්‍රශ්න පත්‍ර, අයදුම්පත් ආකෘතිය හා  අදාළ විස්තර www.languagesdept.gov.lk රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකිය..

 03.              ලිඛිත විභාගය සඳහා දිවයිනේ ඒ ඒ පළාත්වල විභාග මධ්‍යස්ථාන පිහිටුවන නගර හා නගර අංක ඇමුණුම 01 හි සඳහන් වේ. යම් නගරයකට ප්‍රමාණවත් අයදුම්කරුවන් සංඛ්‍යාවක් ඉදිරිපත් නොවුනහොත් එම විභාග මධ්‍යස්ථාන අවලංගු කර, එම අයදුම්කරුවන් ඉල්ලා ඇති දෙවන/තුන්වන කැමැත්තකට අනුව එම විභාග මධ්‍යස්ථානය වෙත යොමු කෙරේ. විභාගයට පෙනී සිටිමට ඉල්ලුම් කළ නගරය/ නගර පසුව වෙනස් කිරීමට ඉඩ දෙනු නොලැබේ. 

04.              මෙම ලිඛිත විභාගවලට අදාළ වාචික පරීක්ෂණ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව මඟින් ලිඛිත විභාගයේ ප්‍රතිඵල නිකුත් වු පසු පවත්වනු ලැබේ.

 05.              වෙබ් අඩවියෙන් ලබා ගත් අයදුම්පත් ආකෘතිය අනුව පහත සඳහන් උපදෙස්වලට අනුකූලවනසේ ඉල්ලුම්පත් සම්පුර්ණ කර අදාළ ආයතන ප්‍රධානියාගේ නිර්දේශය හා නිලමුද්‍රාව සහිතව 2010.10.21 දිනට පෙර විභාග කොමසාරිස් ජනරාල්, සංවිධාන හා විදේශ විභාග ශාඛාව, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව, පැලවත්ත, බත්තරමුල්ල ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. අයදුම්පත් බහා එවන ලිපි කවරයේ වමත්පස ඉහළ කෙළවරෙහි රාජ්‍ය භාෂා ප්‍රවීණතා ලිඛිත විභාගය - 2010 යනුවෙන් සඳහන් කරන්න. ඉල්ලුම්පත්‍රයේ ශීර්ෂ අංක 01 සිට 10 පළමු පිටුවට ද ඉතිරි කොටස දෙවන පිටුවට ද වන සේ ගෙන සකස් කළ යුතු අතර ඊට අදාළ තොරතුරු තම අත් අකුරෙන් ම පැහැදිලිව ඇතුළත් කළ යුතුය. ඉහත සඳහන් චක්‍රලේඛවලට හා ආදර්ශ ඉල්ලුම්පත්‍රයට අනුකූල නොවන ඉල්ලුම්පත්, අසම්පුර්ණ ලෙස තොරතුරු ඉදිරිපත් කර ඇති ඉල්ලුම්පත් හා අදාළ සේවය හා තනතුරු නාමය අවිනිශ්චිත ඉල්ලුම්පත් දැනුම් දීමකින් තොරව ප්‍රතික්ෂේප කරනු ලැබේ. ඉල්ලුම් පතේ ඡායා පිටපතක් ළඟ තබා ගැනීම ඔබට ප්‍රයෝජනවත් වනු ඇත.එහෙයින් සම්පුර්ණ කරනු ලබන ඉල්ලුම්පත්‍රය වෙබ් අඩවියෙන් ලබාගත් ආදර්ශ ඉල්ලුම්පත්‍රයට අනුකූලද යන්න පිළිබදව අයදුම්කරු‍ විසින් විමසා බැලිය යුතුය.ඉල්ලුම් පත පිළියෙල කර ගන්නා විට, එහි ශීර්ෂයේ සඳහන් විභාගයේ නම සිංහල අයදුම්පත්වල සිංහලට අමරතව ඉංග්‍රිසියෙන් ද දෙමළ අයදුම්පත්වල දෙමළට අමතරව ඉංග්‍රිසියෙන් ද යොදන්න. ඉල්ලුම් කරන භාෂාව හා ඉල්ලුම් කරන මට්ටම නිවැරදිව ලියන්න. එය පසුව වෙනස් කිරීමට ඉඩ දෙනු නොලැබේ. 

 06.    අයදුම්කරුවෙකුට එක් අවස්ථාවකදී පෙනී සිටිය හැක්කේ එක් භාෂාවක එක් මට්ටමක ලිඛිත විභාගයකට පමණි. ඉල්ලුම් කරන මාධ්‍යය හා මට්ටම පසුව වෙනස් කිරීමට ඉඩ දෙනු නොලැබේ.

07.     ඉහත උපදෙස්වලට පටහැනි වු හෝ අසම්පුර්ණ වු හෝ අවසාන දිනට පසුව එවනු ලැබුවා වු හෝ ඉල්ලුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ.

 08.    2010 ජනවාරි 09 දින පවත්වන ලද විභාගයට පෙනී නොසිටි අයදුම්කරුවන් මෙම විභාගය සඳහා පෙනී සිටීමට නැවත අයදුම් කළ යුතුය. 

 09.    විභාගයට ප්‍රථම වතාවට පෙනී සිටින වි‍ට විභාග ගාස්තුවක් අය නොකෙරේ. අනෙකුත් අයදුම්කරුවන් සඳහා රු. 250/-ක විභාග ගාස්තුවක් අය කෙරේ. එම විභාග ගාස්තුව අනෙකුත් ලැබීම් 2003.99.00 යන ආදායම් ශිර්ෂ අංකයට බැර කර දිවයිනේ පිහිටි ඕනෑම දිස්ත්‍රික් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට ගෙවා ලබා ගන්නා ලදුපතේ එක් දාරයක් ඉල්ලුම්පත්‍රයේ නියමිත ස්ථානයේ නොගැලවෙන සේ එහි දාරයක් ඇලවිය යුතුය. තවද එහි ඡායා පිටපතක් ළග තබා ගැනීම ඔබට ප්‍රයෝජනවත් වනු ඇත. 

 10.   අයදුම්කරුවන් වෙත ප්‍රවේශපත්‍ර නිකුත් කළ වහාම ඒ බව සඳහන් කරමින් පුවත්පත් නිවේදනයක් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පළ කරනු ඇත. නිවේදනය පළ වී දින 2 ක් හෝ 3 ක් ගත වු පසුවත් ප්‍රවේශ පත්‍රය නොලැබුණි නම් දැන්වීමේ සඳහන් ආකාරයට ඒ බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව වෙත දන්වා සිටිය යුතුය. ඔබ වෙත තබාගත් අයදුම්පත්‍ර‍යේ හා මුදල් ගෙවු කුවිතාන්සියේ සහතික කළ ඡායා පිටපතක් ද, ලියා පදිංචි කළ කුවිතාන්සිය ද, කොළඹින් බැහැර ප්‍රදේශයක නම් ප්‍රවේශපත්‍ර එවීම සඳහා ෆැක්ස් අංකයක් ද සඳහන් ඔබගේ ඉල්ලීම් ලිපිය ද ළඟ තබාගෙනම ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව වෙත දැන්වීම වඩාත් ඵලදායි වනු ඇත. 

11.  අපේක්ෂකයකුට විභාග ප්‍රවේශ පත්‍රයක් නිකුත් කිරීම ‍ඔහු හෝ ඇය විභාගයට ඉදිරිපත් වීමට සුදුසුකම් සපුරා ඇති බවට පිළිගැනීමක් ලෙස නොසැලකිය යුතුය.

 12.  ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන විභාගවලදී විභාග අපේක්ෂකයාගේ අනන්‍යතාව, විභාග ශාලාධිපති වෙත තහවුරු කිරීම සඳහා පිළිගනු ලබන්නේ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ ජාතික හැදුනුම්පත හෝ වලංගු විදේශ ගමන් බලපත්‍රය හෝ පමණකි.

 13.  ලිඛිත විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් විසින් පනවනු ලබන නීති රීතිවලට විභාග අපේක්ෂකයින් යටත් වේ. එම නීති රීති උල්ලංඝනය කළ හොත් විභාග කොමසාරිස් ජනරාල් විසින් පනවනු ලබන දඩුවමකට යටත් වීමට ඔහුට හෝ ඇයට සිදුවනු ඇත.

 14.  මෙම ලිඛිත විභාගය සම්බන්ධයෙන්, ඉහත සඳහන් නොවන කරුණු පිළිබඳ අවසාන තීරණය අදාළ පරිදි විභාග කොමසාරිස් ජනරාල් හා/ හෝ රාජ්‍ය භාෂා කොමසාරිස් සතුය.

 15.  වැඩි  විස්තර සඳහා දුරකථන අංක 011-2888932 / 011-2 888934 x 212/220/227 අමතන්න.  

 

  එස්.ගුණසේන

රාජ්‍ය භාෂා කොමසාරිස්    

 
Copyright © 2013 Department of Official Languages, All rights reserved - Developed in Association with ICTA
Powered by Pooranee Inspirations.